දත්ත හා උපදෙස් ඇතුලු කල හැකි
වූ ඩද තැන්පත් කල හැකි වූ ද කලින් තැන්පත් කර තිබූ දත්ත නැවත භාවිතයට ගත හැකි වූද
සකස් කල හැකි වූ ද සකස් කරන ලද දත්ත හෝ තොරතුරු තිර මත පතිත කල හැකි හෝ මුද්‍රණය
කල හැකි වූ ද විද්‍යුත් උපකරණයක් ලෙස පරිගණකය හදුන්වා දිය හැකිය.
එමෙන්ම පරිගණකයක් යනු දත්ත
තොරතුරු බවට පත් කරන විද්‍යුත් උපකරණයක් ලෙසත් හදුන්වාදිය හැකි වේ. දත්ත තොරතුරු
බවට පරිවර්ථනය කිරීම සදහා මිනිසා විසින් විවිධාකාරයේ යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කරන
ලදී. ඒ අතුරින් පරිගණකයට හිමි වන්නේ සුවිශේෂි තැනකි. එම සුවිශේෂීත්වය හිමි වීමසට
බලපෑ හේතු රාශියකි. ඉන් ප්‍රධාන හේතු කිහිපයක් පහතින් දක්වා ඇත.
·
වේගය
·
නිර්වද්‍යතාවය
·
කාර්යක්ෂමතාවය
·
බහුශ්‍රැතභාවය
·
මතක තබා ගැනීමේ හැකියාව
·
බුද්ධිමත් නොවීම
·
හැඟීම් දැනීම් නොමැති බව
විවිධ ක්ෂ්‍රේත්‍රයන්ට මෙය
ඉතාමත් අත්‍යාවශ්‍ය උපකරණයකි. මූල්‍ය , සෞඛ්‍ය , අධ්‍යාපන , ප්‍රවාහන , ඉදිකිරීම්
, සන්නිවේදන හා ක්‍රීඩා කටයුතු ඉන් සමහරක් ලෙස ගත හැකිය. මෙම ක්ෂ්‍රේත්‍ර වලට
අමතරව මෙය ආරක්ෂක ක්ෂ්‍රේත්‍රයටද බොහෝ අත්‍යාවශ්‍ය උපකරණයකි. පරිගණකයෙන් අපට කර ගත
හැකි සේවා රාශියක් තිබේ.
පරිගණක ඉතිහාසය
පරිගණකය මේ වන විට අපට
ඉතාමත් හුරු පුරුදු වචනයකි. මේ පරිගණකය බිහි වීමට බොහෝ කාලයක් මෙන්ම බොහෝ දෙනෙකුගේ
දායකත්වය ලබා දුන්හ. කැලයේ තම ජීවිතය ගත කල මිනිසා තම වැඩ කටයුතු පහසුකර ගැනීමට හා
ක්‍රමානුකූලව කර ගැනීමට නොයෙකුත් ආකරයේ යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කලේය. ඇබකසය (Abacus) මිනිසා තම ගණිත කටයුතු පහසු කර ගැනීම සදහා භාවිතයට ගත්
සරල ආකාරයේ උපකරණයකි. බොහෝ දෙනාගේ පිළිගැනීම වන්නේ ඇබකසය අද අප භාවිතා කරන
පරිගණකයේ අඩිතාලම වූ බවයි. මිනිසා ගණිතකර්ම සදහා මුලින්ම භාවිතා කරනු
ලැබූ උපකරණය ලෙස සලකන ඇබකසය වසර දහස් ගණනක සිට ලෝකයේ විවිධ ජාතීන් ගණිත කර්ම
පහසු කර ගැනීම සදහා භාවිතා කරනු ලැබීය. එසේම චීනය , ජපානය , වැනි ආසියාතික රටවල
මෙන්ම උතුරු ඇමරිකාව ද ගණිත කර්ම සදහා ඇබකසය භාවිතා කරනු දක්නට ලැබේ. මිනිසා ඇබකසය
වැනි උපකරණ සොයා ගැනීමට මූලිකම හේතුව වූයේ තම කටයුතු කාර්යෂමව හා නිවැරදිව කර
ගැනීම සදහා වූ පෙළඹවීමයි. අද භාවිතා කරනු ලබන ඇබකසයක රූප සටහනක් ඉහතික් දක්වා ඇත.
John Napier |
Napier’s Bones ’ |
1617 දී ස්කොට්ලන්ත ජාතික ජෝන් නේපියර් ( John Napier ) විසින් ලඝු ගණක සිද්ධාන්ත ලොවට හෙලි කරන ලදී. සංඛ්‍යා
ගුණ කිරීමේ ක්‍රියාවලියේදි ලඝු ගණක භාවිත කරමින් පහසු එකතු කිරීමකට පරිවර්ථනය කල
හැකිය. ලඝු ගණක ආශ්‍රිතයෙන් ගැටළු විසදීමේදී ලඝු ගණක වගු භාවිත කල යුතුය. ජෝන්
නේපියර් විසින් අවශ්‍ය කරන අගයන් ඇත් දළ තීරු වල සටහන් කරමින් මේ සදහා අනර්ඝ වූ
විකල්ප ක්‍රමයක් භාවිතා කරන ලදී. මෙලෙස භාවිතා කරන ලද ලඝු ගණක අගයන් සටහන් වු ඇත්
දළ තීරු’ Napier’s Bones ’ ලෙසින් හදුන්වනු ලැබේ. ජෝන් නේපියර්ගේ ලඝු ගණක සංකල්ප
භාවිතා කරමින් 1632 දී පමණ එංගලන්තයේ දී සර්පණ රූල (Slide Rule) නිර්මාණය විය.
වර්ෂ 1642 දී පමණ ප්‍රංශ ජාතික ගණිතඥයකු වූ බ්ලේස් පැස්කල් (Blaise Pascal ) විසින් ගණිත
කටයුතු තව දුරටතු පහසුවෙන් කර ගැනීමට හැකි වූ ආකලන යන්ත්‍රයක් ( Adding Machine ) නිර්මාණය කරන ලදී. මෙම උපකරණය භාවිතයෙන්
පහසුවෙන් එකතු කිරීම හා අඩු කිරීම සිදු කරගත හැකි විය. මෙම උපකරණය පැස්කලයින් ( Pascaline ) ලෙසින්ද
හදුන්වනු ලබයි. බ්ලේස් පැස්කල්ගේ රූපය ඉහතින් පෙන්වා ඇති අතර ඔහුගේ ආකලන යන්ත්‍රයේ
රූපය පහතින් පෙන්වා ඇත.
වර්ෂ 1674 දී ජර්මානු ජාතික ගණිතඥයකු
වූ ග්‍රොඩ්ෆ්‍රීඩ් විල්හෙල්ම් ( Godfried Wilhelm ) විසින් බ්ලේස් පැස්කල්ගේ යන්ත්‍රය තවදුරටත් වැඩි
දියුණු කරන ලදී. මෙම වැඩි දියුණු කිරීම හේතුවෙන් එකතු කිරීම අඩු කිරීම ද ඊට සමානව බෙදීම ගුණ කිරීම
සදහාද අවස්ථාව උදා වුණි. ග්‍රොඩ්ෆ්‍රීඩ් විසින් වැඩි දියුණු කරන ලද යන්ත්‍රය
ස්ටෙප් රෙකෝනර් ( Step
Reckoner ) ලෙසින්
හදුන්වනු ලැබේ.
Step Reckoner |
Charles Babbage |
කාර්මිකරණයත් සමගම විවිධ යන්ත්‍ර
සූත්‍ර නිර්මාණය වු අතර ප්‍රංශ ජාතsක ජෝෂප් ජැකුවාඩ් (
Joseph Jacquard ) විසින්
ඔහුගේ රෙදි විවිමේ කාර්යය පහසු කර ගැනීම සදහා 1801 දී පමණ යාන්ත්‍රික රෙදි වියන යන්ත්‍රය ( Mechanical Looms ) නිර්මාණය කරන ලදී. මෙහිදි සිදුරු කරන ලද කාඩ්පත් භාවිතා කරමින් රෙදිවල
විවිධාකාරයේ රටා වැවීමට ජෝෂප් ජැකුවාඩ් සමත් විය. පහතින් ඔහුගේ රෙදි වියන යන්ත්‍රයට
දැමූ සිදුරු පතක් (
Punch Card ) හා එම යන්ත්‍රය දක්වා ඇත.
චාල්ස් බැබේජ් විසින් 1833 දි පමණ නිර්මාණය කරන ලද ඇනලිටිකල් යන්ත්‍රය ( Analytical Engine ) සදහා මූලික අඩිතාලම වැටුණේ මෙම
සිදුරු පත් හේතුවෙන් ඔහු තුළ ඇති කරන උනන්දුවයි. එම අවධියේදී පැවති තාක්ෂණික
දැනුමෙන් චාල්ස් බැබේජ්ට ඔහු සිතූ ආකාරයෙන් ඇනලිටිකල් යන්ත්‍රය නිපදවීමට නොහැකි
විය. මෙම ඇනලිටිකල් යන්ත්‍රයෙහි ක්‍රියාකාරීත්වය පිළිබද සලකා බැලීමේදි දක්නට ලැබෙන
විශේෂ ලක්ෂණයක් වන්නේ දත්ත ආදානය (
Input ) තැන්පත් කිරීම ( Storing ) සකස් කිරීම (
Process ) සහ ප්‍රතිදානය ( Output ) යන කාර්යයන් සිදු කිරීම සදහා අවශ්‍ය උපාංගයන් ඒ තුල නිර්මාණය වී තිබීමයි.
පසු කාලීනව නිර්මාණය කරන ලද පරිගණක සදහා චාල්ස් බැබේජ් මෙම සංකල්පය බොහෝ සෙයින්
ඉවහල් වූ අතර ඒ නිසාම චාල්ස් බැබේජ් පරිගණකයේ පියා ලෙසින් සලකනු ලබයි.
චාල්ස් බැබේජ්ගේ මිතුරියක වූ ඇඩා ඔගස්ටා ලොව්ලේස් ( Ada Augusta Lovelace ) විසින් ඇනලිටිකල් යන්ත්‍රය සදහා අවශ්‍ය කරන වැඩසටහන්
සකස් කිරීම සදහා උනන්දු වූවාය. මෙසේ සකස් කරනු ලැබූ පරිගණක වැඩසටහන් පසුව පරිගණක
වැඩසටහන් සකස් කිරීම සදහා දරණ ප්‍රථම උත්සාහය ලෙස සලකන ලදී. එ නිසාම ඇඩා ඔගස්ටා ලෝකයේ
ප්‍රථම පරිගණක වැඩසටහන් ශිල්පිණිය ( First Computer Programmer ) ( ක්‍රම ලේඛණ
ශිල්පිණිය / පරිගණක ක්‍රම ලේඛිකාව ) ලෙස හදුන්වනු ලබයි.
පසු කාලීනව හමුදා කටයුතු සදහා භාවිතා කරනු
ලැබූ පරිගණක භාෂාවක් වන ඇඩා ADA පරිගණක භාෂාව ඇයට ගෞරවයක් ලෙස ඇයගේ මුල් නමින් නම් කරන
ලදී.
ජෝෂප් ජැකුවාඩ්ගේ සිදුරු පත් සංකල්පය භාවිතා කරමින් 1890 දී ඇමරිකානු ජන
සංගණනය ඉතාමතු සාර්ථක ලෙස සිදු කිරීමට හර්මන් හොල්රිත් ( Herman Hollerith ) නැමැත්තා සමත්
විය. ඉතාමත් අඩු කාලයකින් මෙම සංගණනයේදී ප්‍රතිඵල ලබා දීමට හර්මන් හොල්රිත්ට හැකි
වූයේ ඔහු විසින් නිවැරදි ආකාරයෙන් සිදුරුපත් තාක්ෂණය භාවිතා කිරිමට උනන්දු වූ
නිසාය.
අද ඉතාමත් ජනප්‍රිය පරිගණක නිෂ්පාදන ආයතනයක් වන IBM ( International Business Machine )ආයතනය බිහි වූයේද හර්මන් හොල්රිත්ගේ මූලිකත්වයෙනි.
1937 දී හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ දී
හෝවර්ඩ් එයිකන් ( Howard Aiken ) විසින්
චාල්ස් බැබේජ්ගේ සංකල්පය වැඩි දියුණු කරන්නට බොහෝ උත්සාහයන් දැරීය. එහි ප්‍රතිඵලයක්
ලෙස 1944 දී පමණ හෝවර්ඩ් එයිකන්ට හා හාවඩ්හි IBM යන ආයතනවල සේවය කල
ඔහුගේ මිතුරන්ට “
Automatic Sequence Controlled Calculator ”නම් වූ උපකරණය
නිර්මාණය කිරීමට හැකි විය. කෙසේ නමුත් මෙම Automatic Sequence Controlled Calculator නම් වු
උපකරණය පසුව මාර්ක් I ( Mark I ) ලෙසින් නම්
කරනු ලැබීය.
මාර්ක් I යන්ත්‍රය සලකා
බැලීටම්දි එයට ඉතාමත් පහසුවේ එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම හා බෙදීම ඉටු කිරීමට
හැකියාව තිබුණි. දත්ත ඇතුළු කිරීම සදහා යතුරු ලියනයක් සම්බන්ධ කර තිබූ අතර දත්ත ප්‍රතිදානය
සදහා සිදුරු පත් භාවිතා කරනු ලැබීය. මාර්ක් I යන්ත්‍රයේ තුන්දහසකට
අධික වූ විද්‍යුත් කොටස් (
Electric Relays )අඩංගුව තිබූ අතර එය බරින් ටොන් 5ක් පමණ විය.
එසේම මෙම මාර්ක් I යන්ත්‍රය වසර
15කට වැඩි කාලයක් ලොව තුල භාවිතා කරනු ලැබීමද මෙහි සදහන් කල යුතුය.